මධ්‍යම අපි‍්‍රකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරීන් සඳහා යොදවා ඇති ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ ආදේශන කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

මධ්‍යම අප‍්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා යොදවා ඇති ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ වාර්ෂිකව වෙනස් වන ආදේශන කණ්ඩායම මධ්‍යම අපි‍්‍රකාව වෙත 2020 නොවැම්බර් මස 10 වන දින උදෑසන දිවයිනෙන් පිටත්ව ගියහ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් මධ්‍යම අපි‍්‍රකාව බලා පිටත්ව ගිය බලඇණිය සඳහා ගුවන් හමුදා සාමාජිකයින් 110 දෙනෙකු ඇතුලත් වූ අතර මෙම බලඇනිය බාරව කටයුතු කරනු ලබන්නේ විංග් කමාන්ඩර් ජේ එස් සමරසේකර වන අතර ඔවුන් පිටත්ව යන අවස්ථාව සදහා ගුවන් හමුදාවේ ජ්‍යේෂ්්ඨ නිළධාරීන් පිරිසක් සහ පිටත්ව ගිය බලඇණි සාමාජිකයින්ගේ පවුල් වල සාමාජිකයන් රැසක්ද පිටත්වීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.