දැය වෙනුවෙන් දිවිපිදී රණවිරුවන්ට උපහාර පිණිස ගුවන් හමුදාධිපතිතුමන් පොපි මල් පලඳියි

රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පෙපි මල් පැළඳීම සංකේතවත් කරමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරන මහතා හට පොපි මල් පැළඳීම 2020 නොවැම්බර් මස 10 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී. ශ‍්‍රී ලංකා විශ‍්‍රාමික සේවා පුද්ගලයන්ගේ සංගමයේ ප‍්‍රධානී ගෲප් කැප්ටන් කුමාර කිරින්දේ විසින් ගුවන් හමුදාධිපතිතුමන් හට පොපි මල පැළඳවීම සිදු කරන ලදී.

මෙම අවස්ථාවට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා විශ්‍රාමික සහ ප්‍රධාන ලේකම් කර්නල් අජිත් සියම්බලපිටිය විශ්‍රාමික යන මහත්වරු සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.