සංචරණ සීමා පනවනු ලැබූ ප‍්‍රදේශයන්හි අනවසර සංචරණයන් ගුවනින් නිරීක්‍ෂණයට

බස්නාහිර පලාත තුළ සංචරණ සීමා පනවා ඇති ප‍්‍රදේශයන්හි අනවසර සංචරණයන් නිරීක්‍ෂණය කිරීම සඬහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය (එස්ටීඑෆ්* සමඟ එක්ව 2020 නොවැම්බර් 12 සහ 13 යන දිනයන්හිදී විශේෂ ගුවන් නිරීක්‍ෂණය මෙහෙයුම් මාලාවක් දියත් කරන ලදී.

බස්නාහිර පළාතේ හුදෙකලා කරන ලද පොලිස් කොට්ඨාශ 26 ක් තුළ කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තියට තුඩු දෙන  සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට පටහැනි ඕනෑම නීතිවිරෝධී රැස්වීම්, අනවසර සංචරණයන් නිරීක්‍ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව විසින් විසින් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් සහ ඩ්‍රෝන් කණ්ඩායම් තුනක් යොදවා ඇත.  හුදකලා නීතිරීති හා මාර්ගෝපදේශ කඩකරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය (එස්ටීඑෆ්* විසින් මෙහෙයවනු ලබන භූමි ඒකක වෙත ගුවන් තොරතුරු ලබාදීම සිදුකරනු ලබයි.

12 November 2020

13 November 2020

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.