දකුණු සුඩානයේ සාමා සාධක රාජකාරීන්හි නිරත ගුවන් හමුදා සිව්වන හෙලිකොප්ටර් බලඇණිය විශේෂ ප‍්‍රජා සත්කාරක වැඩසටහනක් දියත් කරයි


දකුණු සුඩානයේ සාමා සාධක රාජකාරීන්හි නිරත ගුවන් හමුදා සිව්වන හෙලිකොප්ටර් බලඇණිය අකෝබෝහි ළමා අනාථ නිවාසයක ප්‍රජා සේවා වැඩසටහනක් 2020 නොවැම්බර් මස 16 වන දින ක‍්‍රියාත්මක කරන ලදී.

දකුණු සුඩානයේ බෝර්හි සහන සේවා,නැවත සමාජගත කිරීම් සහ ආරක්‍ෂන අංශයේ සහාය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. බලඇණි අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් සේනක කුලතුංග මහතාගේ ආරාධනයකට අනුව නැගෙනහිර අංශයේ ක්ෂේත‍්‍ර කාර්යාලයේ ප‍්‍රධානී ඩෙබෝරා ෂෙයින් මහත්මිය ප‍්‍රදාන ආරාධිත අමුත්තිය වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූවාය.

එසේම අකෝබෝ හි රාජය කොමසාරිස් ජමුත් යොවුට් ඩැක් මහතා සහ අකෝබෝ හි රාජ්‍ය අධ්‍යාපන නිළධාරී බෙයිල්ඩුඔම් ඩැටෝට් මහතා ගෞරවනීය අමුත්තන් ලෙස මෙම අවස්ථාවට එක්වූහ. මෙහිදී පාස්ල උපකරණ, ලිපි ද‍්‍රව්‍ය, රෙදි පිළි සහ වියලි ආහාර පාර්සල් බෙදා දීමක්ද සිදු කරන ලදී

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.