විශ්‍රාම යාමට නියමිත නාවික හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ

විශ්‍රාම යාමට නියමිත නාවික හමුදාපති අද්මිරාල් ටී.එස්.ජී සමරසිංහ විශ්‍රාම යාමට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිඅති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක අද උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී හමුවිය.

ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයට පිවිසි නාවික හමුදාපති ටී.එස්.ජී සමරසිංහ වෙත බලපන්ති ලුතිනන් ප්‍රසාද් කුලතුංග අණ දුන් ගුවන් හමුදා වර්ණ බලඝණය විසින් ගෞරව සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව නාවික හමුදා පති විසින් පෙළපාලිය පරික්ෂාකරන ලදී.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුව
න් හමුදාපති එආර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක නාවික හමුදාපතිව උණුසුම්ලෙස පිළිගත් අතර කොළඹ කදවුරු අණදෙන නිල්ධාරී ගුවන් කොමදෝරු විජිත ගුණරත්න ඇතුළු නිළධාරීන් රැසක් මේ අවස්ථාවට එක් විය.

මෙම සුහද හමුව සංකේතවත් කිරීම සදහා සමරු ඵලක හුවමාරුවක් ද සිදුකෙරෙනු අතර ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ගුවන් හමුදා උසස් නිලධාරින් ද හමුවිය.






ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.