2021 නව වසරට සෙත්පතා ශි‍්‍ර ලංකා ගුවන් හමුදාව මගින් සර්ව රාති‍්‍රක පරිත‍්‍රාණ ධර්ම දේශනයක් හා සංඝගත දක්ෂිණාවක්

සේනාඹ්නායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහ ආරක්ෂක ලේකමි විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාට මෙන්ම උදාවු 2021 නව වසරට සෙත්පතා සහ දිවයිනේ පවතින කොවිඩ්-19 වසංගත තත්වයෙන් සියලුම ගුවන් හමුදා සමාජිකයින් සහ ලක්වාසි ජනතාව ආරක්ෂා කිරිම අරමුණු කර ගුවන්  හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශණ පතිරණ මහතාගේ උපදෙස් මත 2021 ජනවාරි මස 2 වන දින ශ‍්‍රිලංකා ගුවන් හමුදා මුලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ශි‍්‍ර ලංකාව පුරා ඇති සියලුම ගුවන් හමුදා කදවුරු ආවරණය වන පරිදි සර්ව රාති‍්‍රක පරිත‍්‍රාණ ධර්ම දේශනා මාලාවක් පවත්වනු ලැබු අතර 2021 ජනවාරි මස 3 වන දින මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සහිත සංඝගත දක්ෂිණාවක්ද පවත්වා ගුවන් හමුදා සමාජිකයින් සහ ලක්වාසි ජනතාවට නිදුක් නිරෝගිභාවයට සෙත්පතා පුණ්‍යානුමෝදනාවක් සිදුකරනු ලැබීය. මෙම සර්ව රාත‍්‍රීක පරිත‍්‍රාන ධර්ම දේශනා මාලාව ගුවන් හමුදා ඉතිහාසයේ ප‍්‍රථම වරට වර්ථමාන ගුවන් හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ශ‍්‍රී ලංකාව පුරා විහිදි ඇති සියලුම ගුවන් හමුදා හමුදා කඳවුරු තුල පැවැත්විමට කටයුතු කරන ලදි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.