අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු අංක 33 භූමිගත ගුවන් ආරක්‍ෂණ පක්‍ක්‍ෂාංගය සිය 10 වන සංවත්සරය සමරයි

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු අංක 33 භූමිගත ගුවන් ආරක්‍ෂණ පක්‍ක්‍ෂාංගය එහි අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ආර්ඒවයිඩී රණතුංගගේ ප‍්‍රදානත්වයෙන් 2021 ජනවාරි මස 17 වන දින සිය 10 වන සංවත්සරය සමරන ලදී.

සංවත්සරය සමරමින් අනුරාධපුර ප‍්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් සඳහා වියලි ආහාර ද‍්‍රව්‍ය පාර්සල් බෙදාදීමක් සිදුකරන ලදී. අනතුරුව තම්මැන්නාපුර පවුලක් සඳහා සනීපාරක්‍සක කාමරයක් ඉදිකර පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී. මෙම අවස්ථාවට අංක 33 භූමිගත ගුවන් ආරක්‍ෂණ  පක්‍ෂාංගයේ සියලු නිළයන් නියෝජනය කරමින් පිරිසක් සහභාගී වුහ. 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.