කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයෙු ඇති වූ ගින්න ගුවන් හමුදා ගිනි නිවීමේ භටයින් පාලනය කරයි

කටුනායක ආයෝජන කලාපයේ නිශ්පාදන කර්මාන්තශාලාවක 2021 පෙබරවාරි මස 3 වන දි උදෑසන ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරු ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ භටයින් පිටත්කර හරින ලද අතර ඔවුන් විසින් ගින්න සාර්ථකව පාලනය කිරීමට කටයුතු කරන ලදී.

මෙම මෙහෙයුමට ගිනි නිවීමේ රථයක් සමගි ගිනි නිවීමේ භටයින්, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ගුවන් හමුදා කඳවුරේ ආපදා කළමණාකරණ හා ප‍්‍රතිචාර දැක්වීමේ කණ්ඩායමක් සහ කොළඹ ගිනි නිවීමේ ඒකකය සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.