”ගුවන් මිතුදම්” ව්‍යාපෘතිය අනුරාධපුරයෙන් සහ වවුනියාවෙන් අරඹයි

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මියගේ සංකල්පයකට අනුව ගුවන් හමුදා කඳවුරු අවට වාසී අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ අවහ්‍යතාවයන්ට සරිලන පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා අභිනවයෙන් ආරම්භ කරන ලද ”ගුවන් මිතුදම්” ව්‍යාපෘතියේ පළමු ව්‍යාපෘතිය 2021 පෙබරවාරි මස 09 වන දින අනුරාධපුර සහ වවුනියාව ප‍්‍රදේශයේදී පවත්වන ලදී.

මෙම විෂේශ ව්‍යාපෘතියට අනුව කඳවුරු ආශ‍්‍රිතව විවිධ ව්‍යාපෘති ගණන්වක් අරම්භ කොට ඇති අතර මෙම ව්‍යාපෘතියේ ආරම්භක අදියර වශයෙන් අනුරාධපුර  කඳවුර මගින් ක‍්‍රියාත්මක කරන ලද ගම්මිරිස්වැව, කුඩාගහපාළුව ගම්මානයේ ඉදිකරන ලද පානීය ජල පහසුකම සහ ස්නානය කිරීමේ පහසුකම ඇති නළ ලිඳ පළුමු ව්‍යාපෘතිය වශයෙන් සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මිය විසින් විවෘත කරනු ලැබුවාය. මෙම ව්‍යාපෘතිය වැඩබලන උතුරු ගුවන් අඥාපති සහ අනුරාධපුර මූලික කඳවුරේ  අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් චන්න දිසානායක මහතාගේ මගපෙන්වීම හා අනුදැනුම මත ක5ියාත්මක කරන ලදී.

අනතුරුව, වව්නියාව කඳවුර මගින් ක5ියාත්මක කරන ලද වව්නියාව අලගල්ල විද්‍යාපලයේ ගොඩනැගිලි 5 ක් සහ ළමා උද්‍යානය අළුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය විසින් දෙවන ව්‍යාපෘතිය වශයෙන් විවෘත කරනු ලැබුවාය. මෙම වයාපෘතිය වව්නියාව ගුව්න හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් දේශප5ිය සිල්වා විසින් අධීක්‍ෂණය කරන ලදී.

SLAF Base Anuradhapura

SLAF Base Vavuniya

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.