ගුවන් යානා ඉංජිනේරු වෘත්තිකයන් සදහා නිළ ලාංඡන ප‍්‍රදානය කිරීම

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් නිළධාරී සිව් දෙනෙකුට සහ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන්  දෙදෙනෙකු හට 2021 පෙබරවාරි මස 11 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ඔවුන්ට හිමි නිළ ලාංඡන ප‍්‍රදානය කරන ලදී.

මෙහිදී ඉංජිනේරු ලාංඡන හිමිකරගත් නිළධාරීන් සහ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් රත්මලාන ගුවන් හමුදා කඳවුරු අංක 04 බලඝනයේ සහ අංක 61 පියාසර බලපන්තියේ ත්, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු අංක 06 බලඝණයෙත්  එම්අයි 17 ගුවන් යානා ආධාරයෙන් පිළිවෙලින් සිය පුහුණුවීම් කටයුතු නිම කරන ලදී.

ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එස් එම් එන් ඒ ඩී සමරවික‍්‍රම
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එච් වී එච් ද සොයිසා
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ඒ පී එල් එම් විජේතුංග
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එම් ජී එම් ආර් මොලගොඩ
බලපන්ති සැරයන් බණ්ඩාර ඒ ජී ආර් එම්
බලපන්ති සැරයන් අනුරාධ කේ ඩබ් එස්

හට මෙහිදී ගුවන් යානා ඉංජිනේරු ලාංඡන පිරිනමන ලදී.

ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩ‍්‍රෑ විජේසූරිය මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.