ඉන්දීය ගුවන් හමුදාධිපතිගේ සිව් දින නිළ සංචාරය අවසන්
ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාෂල් ප්‍රදීප් වසන්ත් නායික් මහතා සිව් දින නිළ සංචාරය අවසන් කොට අද (2011.01.19) දින නැවත ඉන්දීයාව බලා පිටත් විය.
මෙතුමා ශ්‍රි ලංකා ගුවන් හමුදා චීන වරාය, අනුරාධපුරය හා හිඟුරක්ගොඩ යන කඳවුරුවල පිහිටි පියාසර බළඝණයන්හි සංචාරයකද නිරත විය. තවද මෙම නිළ සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ද හමු වීම විශේෂත්වයකි.