ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාදි ප්‍රධානෝත්සවය - 2020

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයේ 31 වන පොදු උපාධි ප්‍රධානෝත්සවය 2021 පෙබරවාරි මස 16 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.  ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කැඳවාගෙන ඒම ආරක්‍සඛ අමාත්‍යාංශ ලේකම් විහ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, යුධ සහ නාවික හමුදාධිපතිවරුන් සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරුන් විසින් සිදුකෙරිණි.

මෙම උපාධි ප‍්‍රදානෝත්සවය පවතින කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් සැසිවාර හයක් යටතේ සෞඛ්‍ය අංශ වෙතින් නිර්දේශිත ක‍්‍රමවේදයන්ට යටත්ව පවත්වන ලදී.

මෙහිදී ෆ්ලයිං *ෆෆෆිසර් ආර්ජීඑස්ඩී ගමගේ විසින් දක්‍ෂතම ගුවන් හමුදා නිලධාරියාට හිමි සම්මානය දිනාගනු ලැබූ අතර දෙවන ලුතිනන් ආර්එම්ඩීපී රත්නායක සහ ලුතිනන් වීඑස් පලිහවඩන පිළිවෙලින් යුධ හමුදා සහ නාවික හමුදා දක්‍ෂතම නිළධාරීන් වශයෙන් සම්මාන දිනා ගන්නා ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.