බස්නාහිර පලාත් ආණ්ඩුකාරතුමන් විසින් ගුවන් හමුදාවට ඩ්‍රෝන යානා දෙකක් පරිතයාග කෙරේ

බස්නාහිර පලාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා විසින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට නව ඩ්‍රෝන යානා ද්විත්වයක් පරිත්‍යාග කිරීම 2021 පෙබරවාරි මස 18 වන දි කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග‍්‍රීන් ක‍්‍රිඩාංගනයේදී සිදු කෙරිණි. එම ඩෝන යානාවන් ගුවන් හමුදාව වෙත භාරගැනීම ගුවන් හමුදාධිපති එායර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට බස්නාහිර පලාත් නියෝජ්‍ය ලේකම් ජයන්ති විජේතුංග,ආන්ඩුකාර ලේකම් පී සෝමසිරි,රීටයල් අයිටී පෞද්ගලික සමාගමේ විධායක අධ්‍යක්‍ෂක චන්දු සුමමතිපාල,ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානීතුමන්, ගුවන් හමුදා අද්‍යක්‍සක මණ්ඩලය,කොලඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරීතුමන්, බස්නාහිර පලාත් සභාවේ නියෝජිතයින්, ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.