ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අඛණ්ඩව දෙවන වරටත් හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන ශූරතාවය දිනයි

ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කොට ඉදිරිපත් කිරීමෙන් මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය ගෙන ඒමේ උත්සාහයක් ලෙස, ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය :ඒපීඑෆ්ඒඑස්එල්* සහ මුදල් අමාත්‍යාංශය එක්ව 2021 පෙබරවාරි 22 වන දින රාජ්‍ය අංශයේ හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සම්මාන ප‍්‍රදානෝත්සවය සංවිධානය කරන ලදී. සිව්වන වරට පැවති මෙවර සම්මාන උළෙල සෞක්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.

2018 මූල්‍ය වර්ෂයට අදාළව අඛණ්ඩව දෙවන වරටත් රාජ්‍ය අංශයේ හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සඳහා වන සම්මානය ලබා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හැකි විය.  සම්මාන උළෙල මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප‍්‍රධානත්වයෙන්  බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පවත්වන ලදී.  

එහිදී මෙම සම්මානය ගුවන් හමුදා විධායක අභ්‍යන්තර විගනන නිළධාරී විංග් කමාන්ඩර් ආර්ආර් සෝමතිලක විසින් ලබාගැනීම සිදුකරන ලද අතර ඔහු විසි්න එම සම්මානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා වෙත භාරදීම 2021 පෙබරවාරි මස 23 වන දින සිදුකරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.