ගුවන් හමුදා 70 වෙනි සංවත්සර ගුවන් සංදර්ශනය ඉන්දියානු ගුවන් හමුදාව සමග එක්ව ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්වේ

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය තම 70 වන සංවත්සරය 2021 මාර්තු 02 දින අභිමානවත් අයුරින් සැමරීමට සියළු කටයුතු සූදානම් කොට ඇත. ගුවන් හමුදා 70 වන සංවත්සරයට සමගාමිව පවත්වනු ලබන ගුවන් යානා සංදර්ශන මාලාව 2021 මාර්තු මස 03 වන දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් ගාලූමුවදොරදී ආරම්භ වීමට නියමිත අතර ගුවන් යානා සංදර්ශන සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා සමගින් ඉන්දියානු ගුවන් හමුදාවට අයත් සාරංග්, සූර්යකිරන්, තේජාස්්, යන ගුවන් සංදර්ශන කණ්ඩායම් ද එක්වීමට නියමිත වෙයි.

එසේම මෙම සංදර්ශනයේ පෙර පුහුණුවීම් කටයුතු පෙබරවාරි මස 28 වන දින සම මාර්තු මස 01 වන දින ගාලුමුවදොරදී සිදුකෙරුණු අතර පෙබරවාරි මස 28 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහ ගුවන් හමුදා අද්‍යක්‍ෂක මණ්ඩලයද එය නිරීක්‍ෂණය කිරීම සඳහා ගාලුමුවදොරට පැමිණියහ. එසේම 2021 මාර්තු මස 01 වන දින ගුවන් හමුදාධිපතිතුමන් ඉන්දියානු ගුවන් සංදර්ශන කණ්ඩායම රැුඳී සිටින කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ ඔවුන් සමග සංදර්ශනය පිළිබඳව අදහස් හුවමාරු කරගන්නා ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.