ගුවන් හමුදා 70 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

1951 වසරේ මාර්තු මස 02 වන දින ස්ථාපිත කරන ලද ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය 70 වෙනි සංවත්සරය 2021 මාර්තු මස 02 වන දින අභිමානවත් අන්දමින් සැමරීම සිදුකරන ලදී. සංවත්සර දින නිළ පෙළපාලිය කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවති අතර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් පෙළපාලිය නිරීක්‍ෂණය කරන ලදී. ගුවන් හමුදාව සිය 70 වෙනි සංවත්සරය වෙනුවෙන් නිළධාරීන් 467 දෙනෙකුට සහ සෙසු නිළයන් 7290 කට උසස්වීම් ලබාදීමටද කටයුතු කරන ලදී.

සංවත්සර දින පෙළපාලිය සඳහා එයාර් කොමඩෝර් තුසාර වීරරත්න කටයුතු කරන ලද අතර පළවන දෙවන සහ තුන්වන බලඝණයන් පිළිවෙලින් විංග් කමාන්ඩර් ජයරත්න අමරසිංහ, විංග් කමාන්ඩර් ඩිලාන් ගෝර්ඩ්න් සහ විංග් කමාන්ඩර් චමිල හිරිපිටිය විසින් අණදෙන ලදී. පෙළපාලි සහායක නිළධාරියා වශයෙන් ස්කොඩ්රන් ලීඩර් ප‍්‍රභාත් සෙනෙවිරත්න කටයුතු කරන ලද අතර පෙළපාලි බලලත් නිළධාරීවරයා වශයෙන් බලලත් නිළධාරී ආර්ඩී සුසන්ත කටයුතු කරන ලදී.



SLAF 70th Anniversary Theme Song

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.