සංචාරක බංගලාදේශ ගුවන් හමුදාධිපතිතුමන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන්, ආරක්‍ෂක ලේකම්තුමන් සහ අග‍්‍රාමාත්‍යතුමන් හමුවෙයි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ආරාධනයෙන් ගුවන් හමුදා 70 වෙනි සංවත්සර සැමරුමට සහභාගී වීම  සඳහා දිවයිනට පැමිණි බංගලාදේශ ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් මසිහුස්මාන් සර්නියාබාට් මහතා 2021 මාර්තු මස 4 වන දින් ගුවන් හමුදා මූලාස්ථානයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවිය. කොලඹ ගුවන් හමුාද කඳවුරු අණදෙන නිලධාරී එායර් වයිස් මාර්ෂල් ජානක අමරසිංහ මහතා විසින් එතුමන් ගුවන් හමුදා මූලස්ථාන පරිශ‍්‍රය වෙත පිළිගන්න් ලදී. ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් උත්තමාචාර පෙළපාලියක් මගින් උත්තමාචාර දැක්වීමද සිදුකරන ලදී.

බංගලාදේශ ගුවන් හමුදාධිපතිතුමන් සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුාදධිපතිතුමන් අතර සුහද පිළිසඳරකින් අනතුරුව සංචාරය සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමද සිදුකරන ලද අතර අනතුරුව, සංචාරක ගුවන් හමුදාධිපතිතුමන් ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයද හමුවිය.

අනතුරුව, බංගලාදේශ ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක අමාත්‍යාංශ සහ ජාතික ආරක්‍සාව හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා හමුවිය. එතුමන් ආරක්‍සක ලේකම්තුමන් හමුවට කැඳවාගෙන යාම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් සිදුකරන ලදී.

අවසානයේ සංචාරක බංගලාදේශ ගුවන් හමුදාධිපතිතුමන් ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රජපක්‍ෂ මහතාද හමුවිය. හමුව අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.

Commander of the Air Force

Secretary to the Ministry of Defence

Prime Minister

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.