ගුවන් හමුදා 70 වෙනි සංවත්සර ”ග්ලෝරි එෆ් ද අයන් වින්ග්” පොත එළි දක්වයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 70 වෙනි සංවත්සරය වෙනුවෙන් මුද‍්‍රනය කරන ලද ”ග්ලෝරි එෆ් ද අයන් වින්ග්” පොත එළිදැක්වීම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2021 මාර්තු මස 05 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී සිදුකරන ලදී.

කටුනායක ගුවන් හමුදා කඳවුරු නිළධාරී නිවස්නයේදී පැවති මෙම අවස්ථාව හඳුන්වා දෙමින් ”ග්ලෝරි එෆ් ද අයන් වින්ග්” පොතෙහි කර්තෘ එයාර් කොමඩෝර් චන්න දිසානායක විසින් හඳුන්වාදීමේ කථාව සිදුකරන ලදී. අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් අතිගරු ජනාධිපතිතුමන් වෙත පළමු පොත පිළිගැන්වීම සිදුකරන ලදී.

අනතුරුව ”ග්ලෝරි එෆ් ද අයන් වින්ග්” පොතෙහි පිටපත් බස්නාහිර පලාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්‍සක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුධ හමුදාධිපති ජෙනරාල් ශවේනද‍්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිහාන්ත උළුගේතැන්න, පොලිස්පති චන්දන වික‍්‍රමරත්න, බංගලාදේශ ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් මසිහුස්මාන් සර්නියාබාට්, පාකිස්ථාන ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් මුජාහිද් අන්වර් ඛාන්, ඇමරිකා එක්සත් ජනපදයේ පැසිෆික් කලාපීය ගුවන් හමුදා ප‍්‍රධානී ජෙනරාල් කෙනෙත් විස්ල්බැච් හට අතිගරු ජනාධිපතිතුමන් විසින් ප‍්‍රදානය කිරීමද මෙහිදී සිදුකෙරිණි. අනතුරුව අතිගරු ජනාධිපතිතුමන් විසින් විශ‍්‍රාමික ගුවන් හමුදාධිපතිවරුන් වන එයාර් චීෆ් මාර්ෂල් පීඑච් මෙන්ඩිස්, එයාර් චීෆ් මාර්ෂල් ඔලිවර් රණසිංහ, එයාර් චීෆ් මාර්ෂල් ජයලත් වීරක්කොඩි, එයාර් චීෆ් මාර්ෂල්හර්ෂ අබේවික5ම, එයාර් චීෆ් මාර්ෂල්කෝලිත ගුණතිලක, එයාර් චීෆ් මාර්ෂල්ගගන් බුලත්සිංහල සහ එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් හටද පොතෙහි පිටපත් ප‍්‍රදානය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.