මොරවැව ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා මොරවැව ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය 2020 සැප්තැමිබර් මස 04 වන දින සිදු කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එච්ටීඑච් ධර්මදාස විසින් පරීක්ෂණ පෙළපාලියට අණදෙමින් ගුවන් හමුදාධිපතිතුමන්ව පිළිගනු ලැබූ අතර  පසුගිය වර්ෂය තුළ මොරවැව කදවුර තුලදී කළ විශිෂ්ඨ සේවාවන් හා කදවුරෙහි කාර්යයන් වෙනුවෙන් ලබාදුන් පොදු දායකත්වය අගයමින් පහත සදහන් සේවා පුද්ගලයින් ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

බලපන්ති සැරයන් බණ්ඩාර ඩබ්එම්ඒටී මෙහෙයුම් භූමි
සැරයන් විපුලසිරි පිකේ මෙහෙයුම් භූමි
සැරයන් විික‍්‍රමසිංහි එම්ඒපිආර් මෙහෙයුම් භූමි
කෝප‍්‍රල් තෙන්නකෝන් එම්ිිඒඑස් මෙහෙයුම් භූමි
නායක ගුවන් භට ජයසිංහ ජේඑච්ඒඩි කෘෂි සහායක

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම ස්ථාන නිරීක්‍ෂණයට භාජනය කරන ලදී.පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් විසින්  කඳවුරේ සියලුම මහත්ම මහත්මීන් හට කඳවුරු සංවිධානය සහ ඔවුන්ගේ වෙහෙස මහන්සිය පැසසුමට ලක් කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.