අවුරුදු උදානය හා අවුරුදු පොළ සමගින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවෙන් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සඳහා සුභපැතුම්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුභසාධන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද අවුරුදු උදානය සහ අවුරුදු පොල වාර්ෂික උත්සවය ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ ගුවන් හමුදා කටුනායක කඳවුරේ  අණදෙන නිළධාරී තුමන් සමඟ එක්ව ඊයේ (2021 අප්‍රේල් 08) ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරන මහතා සහභාගී වූ අතර සුභසාධන අධ්‍යක්ෂ එයාර් වයිස් මාෂල් කපිල වනිගසූරිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනි පතිරන මහත්මිය විසින් ප‍්‍රධාන ආරාධිත අමුත්තාව පිළිගනු ලැබීය.

මෙම සැමරුම් උත්සවයේදී සාම්ප්‍රදායික අවරුදු හා ජන ක්‍රීඩා මාලාවක් සංවිධානය කර තිබූ අතර බොහෝ දෙනා අපේක්‍ෂා කළ අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය තේරීටම් තරගයද වේදිකා ගත කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී,  ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයන්හි ප‍්‍රධානීන්, ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේ අණදෙන නිලධාරී තුමන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

රටේ පවතින වසංගත තත්වය හේතුවෙන් නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන්, ගුවන් භටයින්, සිවිල් කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සමඟ මේ සඳහා සහභාගී විය. තවද මෙහිදී සහනදායී මිල ගණන් යටතේ ලබා දෙන විවිධ නිෂ්පාදන ඔවුන් සතුටින් මිලදී ගන්නා අයුරු දැකගත හැකි විය.

Aurudu Udanaya
 

Avurudu Pola

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.