ගුවන්පුර අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද ක්ලිපර්ස් රූපලාවණ්‍යාගාරය ගුවන් හමුදාධිපති තුමන් විසින් විවෘත කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් අද දින (2021 මැයි 7) ගුවන් හමුදා කඳවුර ගුවන්පුර දී අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද ක්ලිපර්ස් රූපලාවණ්‍යාගාරය විවෘත කරන ලදී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිණී පතිරණ මහත්මිය ද ගුවන් හමුදාධිපතිතුමන් සමඟ මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා සහභාගී වූහ. ගුවන් හමුදා කොළඹ කඳවුරේ අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ඒජේ අමරසිංහ මහතා විසින් ගුවන් හමුදාධිපති තුමා මහත් හරසරින් පිළිගනු ලැබීය.

ක්ලිපර්ස් රූපලාවණ්‍යාගාරය ප්‍රතිසංස්කරණය කරන ලද්දේ පවතින ඉඩ ප‍්‍රමාණය හා පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ය. සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා ක්ෂේත්‍රය ඉදි කිරීමේ අංශය විසින් ගුවන් හමුදාපතිවරයාගේ සංකල්පයකට අනුව එම ප්‍රතිසංස්කරණය සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා විධායක සුභසාධන ව්‍යාපෘති භාර නිලධාරි එයාර් කොමඩෝර් අනුර ජයතිලක මහතා සහභාගී විය. කෙටි කාල සීමාවක් තුළ ඉදිකිරීම් වේගවත් කළ ඉදිකිරීම් කණ්ඩායමේ ව්‍යාපෘති භාර ඉංජිනේරු  ස්කොඩ්‍රන් ලීඩර් ඔෂාන් මගිනාරච්චි, ක්ලිපර්ස් රූපලාවණ්‍යාගාර භාර නිලධාරි ස්කොඩ්‍රන් ලීඩර් තරින්ද සමරසිංහ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය සමඟ විවෘත කිරීමේ උත්සවය සඳහා සහභාගී වි සටියහ.

ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, ඉදිකිරීම් කාර්ය මණ්ඩලය සහ ක්ලිපර්ස් රූපලාවණ්‍යාගාරයේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට ස



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.