ගුවන් හමුදාවේ දායකත්වයෙන් කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සදහා පියවර

කොවිඩ් -19 රෝග විනිශ්චය කරන රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් මත ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ වන විට කොවිඩ් -19  ප්‍රතිකාර මධ්‍යස්ථානය පිහිටුවීමට කටයුතු කරමින් සිටී.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් 2021 මාර්තු 23 දින මුල්ලේරියාව මූලික රෝහලේ වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම ආරම්භ කරන ලද අතර ඉදිකිරීම් ජුනි මාසය වන විට අවසන් කර රෝහලට භාර දීමට නියමිතය.

ඊට අමතරව මඩකලපුව ගුවන් හමුදා කඳවුර ද කොවිඩ් -19  ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටී. මෙම මධ්‍යස්ථානය කොවිඩ් -19  රෝගීන් 300 කට පමණ පහසුකම් සැලසීමට සැලසුම් කර ඇත.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.