දිවයිනේ දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ගංවතුර තත්ත්වය නිරීක්ෂණය කිරිම සදහා ගුවන් හමුදා බෙල් 412 හෙලිකොප්ටර් යානයක් යොදවයි

දිවයිනේ දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ගංවතුර තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා අද (2021 ජූනි 04 වන දින) අංක 4 හෙලිකොප්ටර් බලඝණයේ  බෙල් 412  හෙලිකොප්ටර් යානයක් යොදවා තිබේ.

කැලණි ගඟ,කළු ගඟ සහ අත්තනුගලු ඔය පිටාර ගැලීම හේතුවෙන් බෙල් 412 හෙලිකොප්ටර් යානය මිනුවන්ගොඩ, ගම්පහ, රත්නපුර, කිරිඇල්ල, බුලත්සිංහල සහ හොරණ යන ප්‍රදේශවල ක්‍රියාත්මක විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.