ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වීරවීල කඳවුර 43 වැනි සංවත්සරය සමරයි

1978 ජුනි 01 දින ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුර එහි 43 වන සංවත්සරය ඊයේ (2021 ජූනි 01 දින) වත්මන් අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩී ආර් ඩබ්ලිව් ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් සමරනු ලැබීය.

සංවත්සර උත්සවයට සමගාමීව ලේ දන්දීමේ ව්‍යාපාරයක් පැවැත්වූ අතර නාගරවැව සුබෝධාරාම පිරිවෙනේ සහ වීරවිල ශ්‍රී අභිනවාරාමයෙහි භික්ෂූන් වහන්සේලාට වියළි සලාක පුජාකිරිමද සිදුකරන ලදි. තවද එදිනට සමගාමිව රුක් රෝපණ වැඩසටහනක් කඳවුරු පෙළපාලි භූමි පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන් රටේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකිරිමට  කටයුතු කරන ලදි.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.