ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිශ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් - 19 ආසාදිතයින් හට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රදානය කිරීම අද (2021 ජූනි මස 05 වන) දින සිදුකරන ලදී.

ශ්‍රි ලංකා ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරු සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂාංගය විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය ගම්පහ නාගරික එක්සත් වෙළඳ සංගමයේ ව්‍යාපාරික ප්‍රජාවගේ මූල්‍ය දායකත්වයන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්‍ෂක වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා වෙත නිළ වශයෙන් භාරදිම සිදු කරන ලදි.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්.ඩී රත්නායක මහතා ඇතුළු ගුවන් හමුදා  නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් මෙන්ම   ගම්පහ නාගරික එක්සත් වෙළඳ සංගමයේ සාමාජික සාමාජිකාවන් පිරිසක්ද, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් සහ රෝහල් කාර්යමණ්ඩලයේ පිරිසක්ද සහභාගි විය. මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය  සහ ජාතික කොවිඩ් මර්ධනය කාර්ය සාධක බලකායේ කොවිඩ් වැලැක්වීමේ නිර්දේශයන්ට අනුකූලව පවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.