සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සිය 18 වන සංවත්සරය සමරයි

කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සිය 18 වන සංවත්සරය අද (2021 ජූනි 13) සමරනු ලැබීය. සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය දැනට සිවිල් ඉංජිනේරු නිලධාරින් 14 දෙනෙකු සහ සිවිල් ඉංජිනේරු ක්‍ෂේත්‍රය තුළ විවිධ විෂයයන් යටතේ පුහුණුව ලැබූ ගුවන් භටයින් 1713 දෙනෙකුගෙන් සමන්විත වේ.

ගුවන් හමුදා මූලස්ථානය විසින් සැලසුම් කරන ලද පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ රාජ්‍ය අංශයේ සියලුම ප්‍රධාන ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සඳහා මෙම පක්‍ෂාංගය පිහිටුවීම ආරම්භ කරන ලදී.

අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එන් ඩී ඒකනායකගේ මඟ පෙන්වීම යටතේ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ  ගුවන් භටයින් සඳහා වියළි සලාක ඇසුරුම් පරිත්‍යාග කිරීමෙන් මෙම උත්සවය සනිටුහන් විය. වර්තමාන වසංගත තත්ත්වය හේතුවෙන් මෙම අවස්ථාවට නිලධාරීන් සහ ගුවන් භටයින් සිමිත සංඛාවක් සහභාගි විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.