අංක 45 මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව සදහා ලාංඡන පිරිනැමේ

අංක 45 මූලික පැරෂුට් පුහුණු පාඨමාලාවේ ලාංඡන පිරිනැමීමේ උත්සවය 2021 ජුනි 25 දින අම්පාර ගුවන් හමුදා කඳවුරේදී පැවැත් වු අතර අම්පාර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු ජීජීඩබ්ලිව්ටීකේ ගුණවර්ධන මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

මෙම අවස්ථාව නැරඹීම සඳහා පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ආර්එම්එස්එන් රිටිගල, සියලුම නිලධාරීන් සහ උපදේශකයින් ද පැමිණ සිටියහ.

මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කිරීම නිමිත්තෙන් ගුවන් හමුදා නිලධාරින් 02 ක්, ගුවන් භටයින් 27 ක්, යුද හමුදා සෙබළුන් 03 ක්, නාවික හමුදා සෙබළුන් 04 ක්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් 02 ක් ඇතුළුව  පැරෂුට් භටයින් 39 දෙනෙකු සිය ලාංඡන ලබා ගන්නා ලදි.

අංක 45 මූලික පැරෂුට් පුහුණු පාඨමාලාවේ හොඳම පැරෂුට් භටයා ලෙස නායක ගුවන් භට ඩිල්ෂාන් ඩීඑම්සී සම්මාන ලැබීය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.