ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරට නව අණදෙන නිළධාරීවරයෙක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන කඳවුරේ නව අණදෙන නිළධාරී ලෙස ගෲප් කැප්ටන් ඒවී ජයසේකර මහතා 2021 ජූලි 02 වන දින වැඩ භාර ගන්නා ලදි. කඳවුරු මූලස්ථානයේදී පැවති මෙම වැඩ භාර දීමේ හා භාර ගැනීමේ පෙළපාලියේදී අණ දෙන නිලධාරී ලෙස මෙතෙක් කලක් කටයුතු කළ එයාර් කොමඩෝර් එන්එච්ඩීඑන් ඩයස් මහතා විසින්  නව අණ දෙන නිළධාරී ලෙස ගෲප් කැප්ටන් ඒවී ජයසේකර මහතා වෙත මෙසේ නව තනතුරේ වැඩ භාර දීම සිදු කරන ලදි.

රත්මලාන ගුවන් හමුදා මූලික කඳවුරේ නව අණදෙන නිලධාරි වරයා ලෙස පත් වූ ගෲප් කැප්ටන් ඒ.වී ජයසේකර මහතා පකිස්ථානයේ ගුවන් යුද්ධ අභ්‍යාස විද්‍යාලයෙන් සාර්ථකව උපාධිය හැදෑරූ දක්ෂ නිළධාරියෙකි. මීට අමතරව හිටයු තනතුරින් ඉවත්ව යන එයාර් කොමඩෝර් ඩයස් මහතා රාජ්‍ය තාන්ත්‍රික යෙදවීමක් මත විදේශ ගත වීමට නියමිතය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.