ශ‍්‍රී ලංගුහ මීරිගම කඳවුර සහ මීරිගම තඳවුරේ ගුවන් ආරක්ෂක අණ හා පාලන මධ්‍යස්ථානය එක්ව සිය 14 වන සහ 15 වන සංවත්සරයන් සමරයි

ශ‍්‍රී ලංගුහ මීරිගම කඳවුර සහ මීරිගම තඳවුරේ ගුවන් ආරක්ෂක අණ හා පාලන මධ්‍යස්ථානය එක්ව 2021 ජූලි 01 සහ 02 දෙදින තුළ සිය 14 වන සහ 15 වන සංවත්සරය සමරනු ලැබීය.

මීට සමගාමීව මීරිගම ශාසනවර්ධන මහාබෝධි ළමා නිවාසයේ ප්‍රජා සේවා ව්‍යාපෘතියක් සහ දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ලේ දන් දීමේ ව්‍යාපාරයක් පවත්වන ලදි. ප්‍රජා සේවා ව්‍යාපෘතියට ළමා නිවාසය ප්‍රතිසංස්කරණය කිරීම, අත්‍යවශ්‍ය පාසල් පොත් හා ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම, මෙට්ට හා ඇඳ ඇතිරිලි ලබා දීම සහ වියලි සලාක පරිත්‍යාග කිරීම ආදිය ඇතුළත්ව තිබුනි. මීරිගම ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෘෘප් කැප්ටන් ප්‍රසන්න කුරුවිට සහ ගුවන් ආරක්ෂක අණ හා පාලන මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී ගෘෘප් කැප්ටන් දුමින්ද වික්‍රමාරච්චි යන නිළධාරීවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම වැඩසටහන් පවත්වන ලද අතර ඒ සඳහා වත්මන් වසංගත තත්වය හේතුවෙන් මීරිගම කඳවුරේ ගුවන් හමුදා සාමාජිකයින් සුලු පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.