ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට තෝරා ගන්නා ලද ගුවන් හමුදා ජූඩෝ ක්‍රීඩකයාට ගුවන් හමුදාධිපති තුමාගෙන් සුභාසිංශන

2016 රියෝ ඔලිම්පික් උළෙලේදී ද ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට කෝප්‍රල් ධර්මවර්ධන තෝරා ගත් අතර එහිදී ඔහුට 9 වන ස්ථානය ලබා ගැනීමට හැකි විය. ගම්පොල ප්‍රදේශයේ පදිංවි කෝප්‍රල් ධර්මවර්ධන ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ පළපුරුද්දක් ඇති ජූඩෝ ක‍්‍රීඩකයෙකු වන අතර මෙවර ඔලිම්පික් උළෙලේදී කිලෝග්‍රෑම් 73 බර පන්තිය යටතේ තරග වැදීමට නියමිතය.

කෝප්‍රල් ධර්මවර්ධනට සුබ පැතුම් එක් කල ගුවන් හමුදාපතිතුමා ඔලිම්පික් පදක්කමක් මෙරටට රැුගෙන ඒමට ඔහුට ධෛර්යය හා ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.