සඳහිරු සෑ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා මුල්ගල තබයි.

සඳහිරු සෑ කෞතුකාගාරයට මුල්ගල තැබීම ඊයේ 2021 ජූලි 10 දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජාතික ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම උත්සවය මහා සංඝරත්නයේ අනුශාසනා යටතේ පැවැත්වූ අතර වැඩබලන  සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් එච්ඩබ්ලිව්එම්යූ විජේසිංහ, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී තුමන්, නිලධාරින් සහ ගුවන් භටයින් සහභාගී වූහ.ආරක්ෂක අමාත්‍යාංශය සහ වන්නි ආරක්ෂක සේනාංකය  නියෝජනය කරමිින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ගේ උපදෙස් පරිදි සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ  අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගයේ ශ‍්‍රම දායකත්වයෙන් යෝජිත ගොඩනැගිල්ල ඉදිකිරීමට සැලසුම් කර ඇත.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.