ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල විසින් නල්ලතන්නියේ සිට පූජනීය ශ්‍රී පාදස්ථානයේ මකර තොරණ දක්වා ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙන ඒමට සිය සහයෝගය

ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව 2021 ජූලි 02 දින නල්ලතන්නියේ සිට පූජනීය ශ්‍රී පාදස්ථානයේ මකර තොරණ දක්වා ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙන ඒමට සිය සහයෝගය ලබා දෙන ලදී. මෙම වැඩසටහන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතගේ මඟ පෙන්වීම යටතේ ප්‍රජා සේවා ව්‍යාපෘතියක් ලෙස පැවැත්විණි. මෙහිදි  නල්ලතන්නියේ සිට පූජනීය ශ්‍රී පාදස්ථානයේ මකර තොරණ දක්වා ගඩොල් 7500 ක් ගෙන යන ලදී.

සැදැහැවතුන්ට පහසුකම් සැලසීම සඳහා ජාතික ජල සම්පාදන මණ්ඩලයට සහය වීම පිණිස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන අතරතුර දියතලාව සටන් පුහුණු පාසලේ සේවා වනිතා ඒකකය මඟින් පිළියෙල කරන ලද සලාක ඇසුරුම් ද ඒ අවට බෞද්ධ භික්ෂූන් වහන්සේට සහ අසරණ ජනතාවට බෙදා දෙනු ලැබීය.

දියතලාව සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු පීඑස්එන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පුහුණුවන්නන්,  ගුවන් භටයින්, උපදේශකයින් සහ නිලධාරින් ඇතුළුව 500 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.