මොරවැව ගුවන් හමුදා කදවුර සිය 48 වෙනි සංවත්සරය සමරයි.

මොරවැව ගුවන් හමුදා කඳවුර සිය 48 වන සංවත්සරය 2021 ජූලි මස 29  වන දින සමරනු ලැබීය.එහිදී මුලික වශයන් කඳවුරු පෙළපාලිය පැවැත්වු අතර ලේ දන්දීමේ වැඩසටහනක් කඳවුරු පරිශ‍්‍රය තුළ 2021 ජූලි මස 28 වන දින පවත්වන ලදී.

ත්‍රිකුණාමලය මහ රෝහලේ රුධිර අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලදී.

කඳවුරු සේවා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් මොරවැව වැව් ආශි‍්‍රතව පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් හා ගජබා ලෙන් විහාරය මූලික කරගනිමින් ශ‍්‍රමදාන වැඩසටහනක් ද පවත්වන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.