ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ගුවන් හමුදා අනුරාධපුර කදවුරේ සිට ගුවනින් බුද්ධ ගයාවට වැඩමවයි

බුදු රදුන් බුද්ධත්වයට පත්වීමට පිට දුන් ඉන්දියාවේ ස්ථාපිත දැනට විනාෂවෙමින් පවතින ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින බුද්ධගයාව වෙත අනුරධපුරයේ ස්ථාපිත ලක් ජනයාගේ මුදුන් මල්කඩ බදු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් පසුගියදා (09) ගුවන් හමුදා අනුරධපුර කදවුරේ සිට බුද්ධ ගයාවේ නැවත රෝපනය කිරීමේ අරමුණින් ගුවනින් වැඩම කරවන ලදී.

මෙම පුන්‍ය කටයුත්ත සදහා රැස්ව සිටි අති මහත් බැතිමතුන් අතරේ වවුනියාව ගුවන් හමුදා කදවුරු අනදෙන නිළධාරී ගුවන් කොමදෝරු රොහිත ප්‍රනාන්දු විසින් අංකුරය ගුවනින් වැඩම කරවීම සදහා භාර ගන්නා ලදී.

"රංසිවිගෙය" නැමැති විශේෂිත වූ රිය පෙරහැරකින් වැඩමවූ මෙම අංකුරය ගුවන් කොමදෝරු රෝහිත ප්‍රනාන්දු විසින් වවුනියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේ ගරුතර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හට අනුරාධපුරයේ සිට ගුවනින් වැඩම කරවීමට භාර දෙන ලදී.

මෙම අවස්ථාව සදහා සියඹලාගස්වැව ශ්‍රී විමලරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා වන්නි ආරක්ෂක සේනා අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා ඇතුළුව සැදැහවතුන් රැසක් ද එක්ව සිටියහ.

වවුනියාව දිසා ලේකම් චාල්ස් මහත්මිය, වන්නි දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නනායක්කාර යන උසස් නිළධාරින් ද මේ අවස්ථාවට එක්වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.