ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර සිය අභිමානවත් 10 වන සංවත්සරය සමරයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර ඊයේ දින (2021 අගෝස්තු 03) සිය 10 වන සංවත්සරය අභිමානවත්ව සමරනු ලැබීය. සංවත්සරය නිමිත්තෙන් වාරිත‍්‍රානුකූලව ආගමික වතාවත් සංවිධානය කර තිබූ අතර වැඩ පෙළපාලියක් හා ක‍්‍රිඩා තරග කිහිපයක්ද පවත්වන ලදි.

සංවත්සරයට සමගාමීව රාමනාදපුරමිි "Triest" කණ්‍යාරාමයේ අසරණ දරුවන් වෙනුවෙන් දිවා ආහාරය ලබා දීම හා ආධාර ප‍්‍රධානය කිරීමෙි වැඩසටහනක්ද පවත්වන ලදි. මෙම සියළු කටයුතු ඉරණමඩ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් රුක්මන් දසනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු වූ අතර කඳවුරේ නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් මෙි සඳහා සහභාගී වන ලදි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.