ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක දෙකක් ප‍්‍රදානය කෙරේ

කොවිඞ්-19 ආසාදිතයින් හට ප‍්‍රතිකාර කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක දෙකක් (02) ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් විසින්  මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා වෙත නිළ වශයෙන් භාරදිම ගුවන් හමුදා මුලස්ථානයේදි  අද දින (2021 අගෝස්තු මස 04 වන) සිදු විය.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරු සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂාංගය හා ගුවන් හමුදා රත්මලාන මුලික කදවුරු විද්්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය එක්ව නිෂ්පාදනය කරන ලද මෙම තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයන් මධ්‍යම පළාතේ කොවිඞ් රෝගීන් සඳහාම වෙන් කර ඇති තෙල්දෙණිය මූලික රෝහල හා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ලබා දීමට නියමිතව ඇත.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්ෂක තුමන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුමන් හා ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්‍ෂක තුමන් ඇතුළු නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් සහභාගි වී සිටි අතර මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය  සහ ජාතික කොවිඞ් මර්ධනය කාර්ය සාධක බලකායේ කොවිඞ් 19 වැලැක්වීමේ නිර්දේශයන්ට අනුකූලව පවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.