UAV පර්යේෂන හා සංවර්ධන ව්‍යාපෘතියේ අලූතින් ප‍්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිල්ල විවෘත කෙරේ

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරේ පිහිටි යූඒවී (UAV) පර්යේෂන හා සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අලූතින් ප‍්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිලි සංකීර්ණය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් අද දින (2021 අගෝස්තු මස 05) විවෘත කරන ලදි. කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු යූඒවී  (UAV) පර්යේෂන හා සංවර්ධන ව්‍යාපෘතියේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ජයනාත් ද සිල්වා මහතා විසින් ගුවන් හමුදාපති තුමාව උත්සවාකාරයෙන් පිළිලන්නා ලදි.

ගුවන් හමුදාපති තුමන් විසින් සමාරම්භක සමරු ඵලකය නිරාවරණය කරනමින් සපුගිය වසර කිහිපය තුළ යූ.ඒ.වී පර්යේෂන හා සංවර්ධන ව්‍යාපෘතියට දැඩි අවශ්‍යතාවයක්ව පැවති නවීකරනය කරන ලද ගොඩනැගිල්ල විවෘත කරන ලදි. මෙම නවීකරණය කළ ගොඩනැගිලි සංකීර්ණය නිරීක්ෂනයට එක් වූ ගුවන් හමුදාපති තුමා "ලිහිණියා එම්කේ-1"  නියමුවන් රහිත යානා ව්‍යාපෘතියේ ප‍්‍රගතිය, වත්මන් තත්වය හා අනාගත ඉලක්කයන් පිළිබඳවද නිරීක්ෂනය කරන ලදි.

කටුකුරුන්ද කඳවුරෙන් පිටත්ව යාමට ප‍්‍රථම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සමූහ ඡුායාරූපයකටද පෙනී සිටින ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.