ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ප‍්‍රදානය කෙරේ.

කොවිඞ්-19 ආසාදිතයින් හට ප‍්‍රතිකාර කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් පරිදි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් බී ඒ එම් පී බාලසූරිය මහතා විසින් කළුතර දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ප‍්‍රදීප් රත්නසේකර මහතා වෙත නිළ වශයෙන් භාරදිම ඊයේ දින (2021 අගෝස්තු මස 23) වන සිදු විය.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරු සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂාංගය හා ගුවන් හමුදා රත්මලාන මුලික කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය එක්ව නිෂ්පාදනය කරන ලද මෙම තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය වෛද්‍ය ප‍්‍රදීප් රත්නසේකර මහතා පවසා සිටියේ කළුතර දිස්ත‍්‍රික් මහ රෝහලේ කොවිඞ් රෝගීන් සඳහා ප‍්‍රතිකාර කිරීමට යොදා ගැනීමට නියමිත බවයි.

ඊයේ පැවති මෙම අවස්ථාවට මුල්‍ය දායකත්වය ලබාදුන් නදුන් විජේසේකර මහතා, රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු, කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් කිහිප දෙනෙකු සහ සෙසු නිලයින් කිහිප දෙනෙකු ද සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.