රත්මලාන විද්‍යුත් සහ විදුලි සංදේශ පක්‍ෂාංගයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගනී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ විද්‍යුත් සහ විදුලි සංදේශ පක්‍ෂාංගයේ අණදෙන නිළධාරී  එයාර් කොමඩෝර් එම්ජේආර් පෙරේරා මහතා විසින් එම ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් කේආර්පී ඒකනායක මහතා හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය කඳවුරු පරිශ‍්‍රයේදී අද (2021 සැප්තැම්බර් මස 01) දින සිදුවිය.

නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් කේආර්පී ඒකනායක මහතා රත්මලාන විද්‍යුත් සහ විදුලි සංදේශ පක්‍ෂාංගයේ නව අණදෙන නිළධාරී ලෙස වැඩ භාර ගැනීමට ප‍්‍රථම දකුණු සූඩනයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ කටයුතු කර ඇත.

නික්ම යන අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එම්ජේආර් පෙරේරා මහතා ලබාදුන් සහය වෙනුවෙන් පක්ෂාංගයේ සියලුම සේවා පුද්ගලයින් හට ස්තුතිය පුද කළ අතර එතුමා ගුවන් හමුදා මූලස්ථානයේ විද්‍යුත් සහ විදුලි සංදේශ අධ්‍යක්ෂක කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි ලෙස රාජකාරි කටයුතු කරනු ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.