ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක දෙකක් ප‍්‍රධානය කෙරේ

කොවිඞ්-19 ආසාදිතයින් හට ප‍්‍රතිකාර කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක දෙකක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත සහ අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත අද (2021 අගෝස්තු 31) භාර දෙන ලදී.

කරාපිටිය ශික්ෂණ රෝහලේ ආමාශ ආන්ත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ ගමගේ සහ අංගොඩ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තා සූරියආරච්චි යන මහත්ම මහත්මීන් විසින් මෙම  උපකරණ භාර ගන්නා ලදී.

රත්මලාන ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ පක්‍ෂාංගය සහ කටුනායක සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂාංගය විසින් මෙම තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය නිෂ්පාදනය කරන ලදී. වෛද්‍ය ගමගේ සහ වෛද්‍ය සූරියආරච්චි පවසන පරිදි මෙම ඒකක කොවිඩ්-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ස්ථානවල යොදවනු ඇත.

අද පැවති මෙම අවස්ථාවට ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් (වෛද්‍ය) ලලිත් ජයවීර සහ වැඩබලන ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් කොමදෝරු ප්‍රසන්න රණසිංහ යන මහත්වරු සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.