කටුනායක විද්‍යුත් සහ විදුලි සංදේශ ඉංජිනේරු පක්‍ෂාංගයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගනී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ විද්‍යුත් සහ විදුලි සංදේශ ඉංජිනේරු පක්‍ෂාංගයේ නව අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එල්ඒඩී ප‍්‍රසන්න මහතා විසින් එම ධූරයේ රාජකාරීන් නිළවශයෙන් භාර ගැනීමේ පෙළපාලිය කඳවුරු පරිශ‍්‍රයේදී අද 2021 සැප්තැම්බර් මස 13 දින සිදුවිය.

විංග් කමාන්ඩර් එල්ඒඩී ප‍්‍රසන්න මහතා නව අණදෙන නිළධාරී තුමන් ලෙස පත්වීමට ප‍්‍රථම කටුනායක ගුවන් හමුදා කඳවුරේ රේඩාර් නඩත්තු අංශයේ ප්‍රධාන නඩත්තු ඉංජිනේරුවරයා ලෙස හා කටුනායක ගුවන් හමුදා කඳවුරේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ක්‍ෂාංගයේ වැඩබලන අණදෙන නිලධාරී වශයෙන් 2021 අගෝස්තු මස 01 වන දින සිට රාජකාරීන් භාර ගෙන කටයුතු කර ඇති අතර හිටපු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩීබීවී වීරසිංහ මහතා 2021 අගෝස්තු මස 02 වන දින සිට ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරීතුමන් ලෙස පත්වීම් ලබා පිටව යන ලදී.

පෙළපාලිය අතරතුර නව අණදෙන නිළධාරිතුමන් විසින් ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අංශයේ සියලුම සේවා පුද්ගලයින් අමතා පක්‍ෂාංගයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සාමූහිකව ක්‍රියා කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.