මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක ගුවන් හමුදා 06 වන බලඇණිය සදහා පදක්කම් ප්‍රධානය කෙරේ

මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවා රාජකාරි කටයුතු සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් සාර්ථකව රාජකාරි සිදුකල 06 වන සාමසාධක හමුදා බලඇණිය සදහා පදක්කම් ප්‍රධානය කිරිමේ පෙළපාලි උත්සවයක් 2021 සැප්තැම්බර් මස 14 වන දින මධ්‍යම අප්‍රිකානු ජනරජයේ 6 වන සාමසාධක හමුදා අනුඛන්ඩ පරිශ්‍රයේදි කොවිඩ් 19 වැලැක්විමේ මාර්ගෝපදේශයන්ට අනූකූලව පවත්වන ලදි. මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නියෝජ්‍ය බලසේනා අඥාපති මේජර් ජෙනරාල් පාවුලෝ පෙරෙයිරා සහභාගි වු අතර අනුඛන්ඩ අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් ජීත් සමරසේකර විසින් එම මහතා පිළිගන්නා ලදි.

මෙම පදක්කම් පෙළපාලිය විංග් කමාන්ඩර් ඩබ්ලිව්.ජී.එන්.ඩි වෑකුඹුර විසින් අණදුන් අතර මෙහිදි නිලධාරින් 18 ක් සහ ගුවන් භටයින් 92ක් හට පදක්කම් ප්‍රධානය කරන ලදි.

අන්තර් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් එම ප්‍රදේශයේ ප්‍රදේශීය නායකයින්ටද මෙම අවස්ථාවට ආරාධනා කර තිබූ අතර පදක්කම් පිරිනැමිමේ පෙළපාලියෙන් පසු ශ්‍රී ලාංකික සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබුණි. එහිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාව මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවා රාජකාරි කටයුතු සදහා පැමිණි දින සිට එය සංකේතවත් කරන ඡයාරූප සමුහයක්ද ප්‍රදර්ශනය කෙරුණි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.