විදේශික අභ්‍යාසලාභීන්ගේ අංක 02 කලෑබද සටන් සහ ගුවන් සංග්‍රාමික මෙහෙයුම් පුහුණු පාඨමාලාව මොරවැවේදී අවසන්

ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුරේ රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල විසින් 2021 අගෝස්තු 31 සිට 2021 සැප්තැම්බර් 16 දක්වා පකිස්ථානය, බංගලිදේශය සහ මාලදිවයිනේ විදේශික අභ්‍යාසලාභීන් හය දෙනෙකු (06) සඳහා අංක 02 වන කලෑබද සටන් සහ ගුවන් සංග්‍රාමික මෙහෙයුම් පුහුණු පාඨමාලාව කොවිඩ් 19 වැළැක්වීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පවත්වන ලදී.

විදේශිකයන් සඳහා වන කලෑබද සටන් සහ ගුවන් සංග්‍රාමික මෙහෙයුම් පුහුණු පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ සටන් සෙවීම සහ මුදාගැනීම, විශේෂ මෙහෙයුම් සහ ගුවන් යානා සමඟ වැඩ කිරීමේදී ක්‍රම ශිල්පීය ක්‍රම සහ ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් වෘත්තීයභාවය සාක්ෂාත් කර ගැනීම සඳහා ය.

මෙම පාඨමාලාවේ සමාප්ති උත්සවය සහ සහතිකපත් ප්‍රදානය ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩීඑස්එම්එල්කේ සුගතදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2021 සැප්තැම්බර් 16) පැවැත්වු අතර මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු විශේෂ බළකායේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එච්ඒඩබ්ලිව්පී හෙට්ටිආරච්චි මහතා ද සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.