තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයන් නිශ්පාදනය සදහා අවශ්‍යය උපකරණ තොගයක් ඇමරිකාවෙි වෙසෙන ශ‍්‍රි ලාංකියන් විසින් ගුවන් හමුදාව වෙත ප‍්‍රදානය කෙරේ.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරනු ලබන තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයන් නිෂ්පාදනය කිරිමට අවශ්‍යය උපකරණ තොගයක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා වෙනුවෙන් ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් වෛද්‍ය ලලිත් ජයවීර මහතා විසින්  ඇමරිකානු ශ‍්‍රි ලංකා සංගමයේ සභාපති මහාචාර්ය්‍ය රවින් කොඩිකාර මහතාගෙන් මෙම උපකරණ පරිත්‍යාගය අද දින (2021 සැප්තැමිබර් මස 21) ගුවන් හමුදා මුලස්ථානයේදි භාර ගන්නා ලදී.මෙම පරිත්‍යාගයන් සිදුකිරිම සදහා සියළු සමිබන්ධිකරන කටයුතු   ඇමරිකා ශි‍්‍ර ලංකා සංගමයේ ලේකමි අයුෂා අමරකෝන් මහත්මිය විසින්  සිදු කරන ලදි.  

මෙම පරිත්‍යාගයට රුපියල් මිලියන 02ක් වටිනා ඉලෙක්ට්‍රොනික හා විදුලි උපකරණ ඇතුළත් විය.කොවිඩ් 19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා  භාවිතා කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය  කරන තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක ප‍්‍රමාණය වැඩි කිරීමට මෙම පරිත්‍යාගය මහගු දායකත්වයක් සපයයි.

මෙම අවස්ථාවට ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්‍ෂ එයාර් කොමඩෝර් පාලිත බාලසූරිය, වැඩබලන අධ්‍යක්ෂ ප‍්‍රධාන ඉංජිනේරු එයාර් කොමඩෝර් ප්‍රසන්න රණසිංහ  සහකාර මාණ්ඩලික නිලධාරී තාක්ෂණ විංග් කමාන්ඩර් එරන්ද ගීගනගේ සහ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක සංවර්ධන ව්‍යාපෘතියේ ඉලෙක්ට්‍රොනික සැලසුම් ඉංජිනේරුවරයා වන ෆ්ලයිට් ලෙෆ්ටිනට් හිරෝෂන් බණ්ඩාරනායක යන මහත්වරු සහභාගී විය.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.