ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ප්‍රතිසංස්කරණය කරන ලද නිවසක් ප‍්‍රදානය කරයි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ස්කොඩ‍්‍රන් ලීඩර් කේකේඑච් රවීන්ද්‍ර නිළධාරීතුමන්ගේ මියගිය අර්ධ වශයෙන් නිම කරන ලද නිවස  ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර එම පවුලේ සමාජිකයන් හට අද 2021 සැප්තැම්බර් මස 22 වන දින උදෑසන භාර දීම සිදුවිය

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලද අතර රත්මලාන මුලික ගුවන් හමුදා කඳවුර විසින් ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ සහ රත්මලාන මුලික ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සියළු කාර්යන් සිදුකරන ලදී.

මෙම උත්සවය කොවිඩ් 19 වැලැක්විමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව රත්මලාන මුලික ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් අසේල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සීමීත නිළධාරීන් පිරිසක් සහ සෙසු නිළයන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.