ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නිවාස ප‍්‍රදානයක්.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින්  සාදා නිමකරන ලද නව නිවාසයක් ගුවන් හමුදා සැරයන් සැරයන් සිරිසේන කේඩී (විශ්‍රාමික) මහතා හට ප‍්‍රදානය කිරීම අද උදෑසන (2021 සැප්තැම්බර් මස 24 වන දින) සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලද අතර මොරවැව ගුවන් හමුදා කඳවුර විසින් ඉදිකිරීම් සිදු කරන ලදී.ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ සහ මොරවැව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ලලිත් සුගතදාස මහතාගේ අධීක්ෂණය යටතේ මෙම සියළු කාර්යන් සිදුකරන ලදී.

මෙම උත්සවය කොවිඩ් 19 වැලැක්විමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මොරවැව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරීතුමන්ගේ් ප්‍රධානත්වයෙන් සීමීත නිළධාරීන් පිරිසක් සහ සෙසු නිළයන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.