ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 11 වන අදියර පලාලි හිදී සාර්ථකව නිම කෙරේ.

ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 11 වන අදියර ඊයේ (2021 සැප්තැම්බර් මස 27 වන දින* පලාලි හිදී සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාම්ණී පතිරණ මහත්මියගේ මගපෙන්වීම මත සාර්ථකව අවසන් කරන ලදි.

මෙම ව්‍යාපෘතිය අතරතුර කොවිඞ් - 19 ප‍්‍රතිකාර ඒකකය සඳහා ඔක්සිජන් සිලින්ඩරයක් හා රුධිර පීඩන මාන ආදී උපකරණ කට්ටලයක් යාපනය ශික්ෂණ රෝහල වෙත භාර දෙන ලදි.

ගුවන් හමුදා පලාලි කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එච්ඩබ්ලිව්ආර් චන්දිම මහතාගේ අධීක්ෂනය යටතේ මෙම උත්සවය සාර්ථකව නිම කරන ලදි. යාපනය ශික්ෂන රෝහලේ වෛi අධ්‍යක්ෂක ටී සත්‍යමූර්ති මහතා මෙම අවස්ථාවට සහභාගී වූ අතර වර්ථමානයේ පවතින වසංගත තත්වය තුළ එවැනි උපකරණ ලබා දීමේ වැදගත්කම සඳහන් කරමින් රෝහල් කාර්යය මණ්ඩලය වෙනුවෙන් සිය අවංක ස්තූතිය පුද කර සිටින ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.