ගුවන් හමුදා සේවා වනිතා ඒකකය "ලිට්ල් හාර්ට්ස් " ව්‍යාපෘතියට රුපියල් මිලියනයක් පරිත්‍යාග කරයි.

2021 ලෝක ළමා දිනයට සමගාමීව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම මත අද 2021 ඔක්තෝබර් 01 වන දින  උදෑසන රිජ්වේ ආර්යා රෝහලේ "ලිට්ල් හාර්ට්ස්" ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියනයක විශේෂ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

දිවයිනේ හෘද රෝග සහ අසාධ්‍ය රෝගා බාධවලින් පෙළෙන දරුවන්ට යෝග්‍ය  හැකි උපරිම ප්‍රතිකාර කිරීමේ අරමුණෙන් සහ මේ ව්‍යාපෘතිය මගින් අප රටේ අහිංසක දරු දැරියන් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට ඉමහත් දායකත්වයක් සපයන බව දැන ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම  මූල්‍ය පරිත්‍යාගය සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය විසින් මෙම  මූල්‍ය පරිත්‍යාගය රිජ්වේ ආර්යා රෝහලේ "ලිට්ල් හාර්ට්ස්"  ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා හට නිළ වශයෙන් පරිත‍්‍රග කරන ලදී.

මෙම වැඩ සටහන කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද රජයේ සෞඛ්‍ය නීති රීති වලට  අනුකූලව සිදු කෙරුණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.