ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ගැබිනි මව්වරුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත‍්‍ර්‍යාග කෙරේ.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ඊයේ 2021 ඔක්තෝම්බර් 04 දින කප්පල්තුරේ ප්‍රදේශයේ ගැබිණි මව්වරුන් 37 දෙනෙකු වෙත ප්‍රසූත අවස්ථාවේ දී එම මව්වරුන්ට අත්‍යාවශ්‍ය වන ද්‍රව්‍ය පරිත‍්‍ර්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති පෙරේරා මහත්මියගේ උපදෙස් පරිදි විද්‍යාපීඨයේ සේවා වනිතා සාමාජිකයින් විසින් මෙම වැඩසටහන සඳහා අරමුදල් සපයන ලදී.

චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ නිලධාරිනියන්ගේ සහ නිලධාරීන්ගේ භාර්යාවන්ගේ සහය ඇතිව ටී සරස්වතී විද්‍යාලයේදී මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත‍්‍ර්‍යාග කිරීම පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා කප්පල්තුරේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සයාන් මහතා සහභාගී වූ අතර මෙම පරිත්‍යාගයට වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන්   සිය ස්තූතිය පළ කළේය.

මෙම වැඩ සටහන කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද රජයේ සෞඛ්‍ය නීති රීති වලට  අනුකූලව සිදු කෙරුණි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.