ප‍්‍රාසාංගික කලා අධ්‍යක්ෂකය "ඊගල්ස් II" ලෙස නව සංගීත කණ්ඩායමක් ආරම්භ කෙරේ.

ප‍්‍රාසාංගික කලා අධ්‍යක්ෂකය විසින් "ඊගල්ස් II" නමින් නව  සංගීත කණ්ඩායමක් ආරම්භ කිරීමේ මංගල සංගීත ප්‍රසංගය 2021 ඔක්තෝම්බර් 04 වන දින කටුනායක " ඇස්ට්‍රා " සිනමා ශාලාවේදී කටුනායක මුලික ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රාසාංගික කලා අධ්‍යක්ෂක ගෲප් කැප්ටන් අනුරුද්ධ විජේසිරිවර්න මහතා ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

මෙම නව සංගීත කණ්ඩායම පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ සේවයේ නියුතු සහ විශ්‍රාමික සේවා පුද්ගලයින්ගේ මංගල උත්සයන් වලදී මෙන්ම අනෙකුත් ගුවන් හමුදා කාර්යයන් සඳහා ගුවන් හමුදා සංගීත කණ්ඩායම සඳහා ඇති ඉහළ ඉල්ලුම සපුරාලීමයි.

මෙම වැඩ සටහන කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද රජයේ සෞඛ්‍ය නීති රීති වලට  අනුකූලව සිදු කෙරුණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.